gototopgototop
   
Text Size
Error
  • RSF_WARNING_HELPER_MISSING

Sri Lanka High Commission in Ottawa

The Sri Lanka High Commission in Canada organizes a Memorial Service and interfaith observances to pay tribute to the victims of the attacks in Sri Lanka

he1

The Sri Lanka High Commission in Canada in Coordination with Good Shepherd Church in Ottawa organized a Mass and a memorial service including interfaith observances on 28th April 2019 to pay tribute to the victims of the attacks on 21st April 2019 in Sri Lanka.

The Memorial Service began with a brief address by Sri Lanka’s High Commissioner to Canada, Asoka Girihagama who stated that the attacks had only brought grief and destruction not only to Sri Lankans but also to a number of foreign nationals who were guests in Sri Lanka. He also said that the service was to remember all those who were affected and those who were injured by the senseless violence and strongly condemned the terrorist attacks targeting innocent people.

 

Ambassador of Sri Lanka to Germany Manori Unambuwa interviewed Sri Lankan born Swedish Mathilda Karlsson on her Olympic Dream

Please find, annexed hereto, the video link of the interview of Sri Lankan born Olympian Mathilda Karlsson on her Olympic dream, conducted by H.E. the Ambassador of Sri Lanka to Germany Manori Unambuwa.

It may be recalled that Mathilda Karlsson represented Sri Lanka at the Tokyo Olympics recently. Sri Lankan born and adopted by Swedish parents, she now lives in Germany but obtained Sri Lankan citizenship after visiting Sri Lanka for the first time in 2017.

The video can be viewed through the following link.

https://youtu.be/oepswQCDmL8

 

https://m.youtube.com/watch?v=URe_7qsF37w

 

Media Release-Statement from Sri Lanka Tourism (SLTDA & SLTPB)

Following  the acts of terror that took place on Easter Sunday, Sri Lanka Tourism Promotion Bureau (SL TPB) and Sri Lanka Tourism Development  Authority (SLTDA) have continued to engage with high-level  government  officials  and tourism  stakeholders  in order to assess the current situation  and have taken necessary  steps to ensure all possible assistance  is provided to tourists in need of help.

Sri  Lanka Tourism is deeply shocked and saddened  by  the  senseless  violence  and unreservedly condemns these dastardly acts.We  offer our deepest sympathies and condolences to all the victims and their families, while wishing a speedy recovery to all those injured and currently receiving treatment.

In the immediate  aftermath of the explosions  Sri Lanka Tourism deployed trained emergency response  teams  and its representatives  at hospitals,  affected  hotels  and  the airport  to assist tourists in any way possible  including  hotel  transfers,  airline  bookings,  airport  transfers, itinerary  changes,  hospital  treatment, contacting  their loved ones and reuniting missing family members through diplomatic channels.

In addition a 24 hour emergency  support desk has been established  and can be accessed  as follows;

Emergency local hotline number to assist tourists currently in Sri Lanka - 1912

Emergency hotline to assist families of  affected  foreign  nationals  ( Travel  Information counter at BIA)   +94 11 2252411 or  + 94 112252861 Ext 3359

Sri Lanka Tourism wishes to assure tourists who are already in the country and unaffected by the tenor  attacks that the police, tourism police and security forces are jointly  implementing  a comprehensive  security  plan to ensure their  safety  across the island including  all important tourism  sites.  Meanwhile  a security  briefing  was held  on 22nd April  for hotel  owners  and operators on the new safety measures that are being rolled out and to seek their cooperation in strengthening  security at hotels and resorts.

Sri Lanka Tourism would like to reassure the world that the country is open for business and all possible measures  have been taken to ensure the safety and security of tourists. Our world famous tourism  sites, hotels,  resorts  and other tourist  attractions  will remain  open as usual. There are no road closures or restrictions on movement anywhere in the island.

Sri Lanka is a proudly  diverse nation which celebrates  its multicultural  nature.  Since the end of the war  a decade  ago,  Sri Lanka  has  enjoyed  absolute  peace  and  it will  do everything within its power to maintain  the peaee that every Sri Lankan cherishes and rebuild what has been destroyed with renewed vigour. There is no place for terrorism of any kind in Sri Lanka and  whoever  that  is responsible  for the  Easter  Sunday  violence  will be  hunted  down  and punished in the strongest possible manner.

Sri Lanka Tourism looks forward to warmly welcome all those who have planned trips to the country in the days, weeks and months ahead.

(Concluded)

 

Ministry  of Tourism  Development,   Wildlife  and Christian   Religious  Affairs

No. 78,Galle Road,  Colombo  3,Sri Lanka

Office:+94112382206

Fax: +94112382218

Mobile:  +94 777354794

Email:   This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it

Web:  www.tonrismmin.gov.lk / www.sri1anka.travel

 

   

FOREIGN MINISTER DINESH GUNAWARDENA DISCUSSES BILATERAL PRIORITIES WITH THE SAUDI MINISTER OF STATE FOR FOREIGN AFFAIRS

In his virtual discussion with the Minister of State for Foreign Affairs of Saudi Arabia Adel bin Ahmed Al-Jubeir, Foreign Minister Dinesh Gunawardena lauded the bilateral relations with Saudi Arabia and highlighted the potential that existed for further advancement of cooperation.

The Foreign Minister Gunawardena noting the progressive steps taken by both countries to strengthen diplomatic relations since 1974, recalled the contributions made by the Saudi Royalty to deepen and expand the relationship into varied areas of development cooperation and joint collaboration. The Minister Gunawardena conveyed the  greetings from the Head of State of Sri Lanka and himself to the King Salman bin Abdulaziz Al Saud -and the Crown Prince Mohammed bin Salman bin Abdulaziz Al Saud.

The Minister Gunawardena extended Sri Lanka's appreciation to Saudi Arabia for hosting Sri Lankan migrant workers, emphasizing that employment opportunities for Sri Lankans helped both countries in their economic advancement. He encouraged  Saudi Arabia to provide increased opportunities for Sri Lankans in skilled and professional categories. He also thanked the government of Saudi Arabia for the assistance provided for the repatriation of Sri Lankan migrant workers during the early stages of the Covid-19 pandemic.

Minister Gunawardena also stressed that Sri Lanka looks forward to further strengthening the existing relations in political, economic, social and development spheres  as well as in the tourism and hospitality sector. The productive contribution made by Saudi Development Fund in Sri Lanka's national development was acknowledged with gratitude.

The Minister of State for Foreign Affairs of Saudi Arabia Al-Jubeir assured Minister Gunawardena that Saudi Arabia continued to attach importance to its bilateral partnership with Sri Lanka and that further scope would open up in the bilateral relations in the priority areas identified by Sri Lanka in the near future.

Both ministers recalled that the two countries worked closely at the United Nations and its affiliated agencies and supported each other’s candidatures on numerous occasions. It was further highlighted that Sri Lanka supported the  Saudi Green and Middle East Green Initiative, which called for regional cooperation to tackle the environmental challenges facing Saudi  Arabia and the wider region.

Foreign Ministry

Colombo

12 August, 2021

(https://mfa.gov.lk/fm-saudi/)


 

ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ජාතිය අමතා සිදු කළ විශේෂ ප‍්‍රකාශය (2019-04-23 වන දින)

001

 

තෙරුවන් සරණයි, දෙවි පිහිටයි,
ගෞරවනීය වන්දනීය මහා සංඝරත්නයෙන් අවසරයි,
විශේෂයෙන් සියලුම ගෞරවනීය පූජකතුමන්ලාගෙන් අවසරයි,
ආදරණීය හිතවත් දෙමාපියනි, දරුවනි, හිතවතුනි, මිත‍්‍රවරුනි,

 

ගෙවී ගිය පැය 48ක කාලය තුළ අප විසින් ලැබූ අත්දැකීම ඉතාමත් වේදනාකාරී වුත් ඉතාමත්ම ශෝකජනක වූත් ඉතාම අවසනාවන්ත අවස්ථාවක් බව මා මෙන්ම ඔබ ද පිළිගන්නවා. අද මම මේ කතා කරන අවස්ථාව ජාතික ශෝක දිනයක්. මුළු ජාතියේම ශෝකය පළ කිරීම සඳහා අප අද දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප‍්‍රකාශයට පත්කරනු ලැබුවා.

අප විසින් කිසිසේත්ම බලාපොරොත්තු නොවූ, අපේක්ෂා නොකළ මෙම ත‍්‍රස්තවාදී ම්ලේච්ඡ ප‍්‍රහාරය ශ‍්‍රී ලංකා රජය විදියටත්, ලක්වැසි ජනතාව විදියටත් දැඩි ලෙස පිළිකුල්ව හෙළා දකින බව මා මේ අවස්ථාවේදී ප‍්‍රකාශ කරන්න ඕන. මෙම සිද්ධිය පිළිබඳව නොයෙකුත් ආකාරයේ සාකච්ඡා, සංවාද, විවාද විවේචන සහ විචාරයන් රට තුළ තිබෙනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදී, නිදහස් සමාජයක එය මූලික ලක්ෂණයක් වශයෙන් මම සලකන්නේ. ලෝකයේ බරපතළම ත‍්‍රස්තවාදී සංවිධානයවූ එල්.ටී.ටී.ඊ ම්ලේච්ඡ ත‍්‍රස්තවාදින්ගේ යුද්ධය පිළිබඳ අවුරුදු 27ක 28ක ඉතාම ම්ලේච්ඡ වූත්, කටුක වූත් දීර්ඝකාලීන අත්දැකීමක් අප සියලුදෙනාටම තිබෙනවා.

එම කාලය තුළ මේ රටේ ඇති වූ පසුබිම වේදනාකාරී තත්ත්වයන්, ජීවිත විනාශ වූ ආකාරය ඒ වගේම ආර්ථික වශයෙන් රටේ ඇති වූ කඩාහැලීම් මේ පිළිබඳව ඔබට මා කිවයුතු නැහැ. එම අවුරුදු 27ක, 28 ක දීර්ඝකාලීන අත්දැකීම් 2009 වසරේ අවසන් වී මේ වන විට වසර 10ක කාලයක් ගෙවී ගොස් තිබෙනවා. මේ වසර දහයක කාලය තුළ මේ රටේ ඉතාම සාමකාමී, නිදහස් සමාජයක් ගොඩනැඟී තිබුණා. විශේෂයෙන් මා සඳහන් කරන්න ඕන 2015 ජනවාරි 08 වන දා සිට මේ දක්වා වසර 04 ක කාලය තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නිදහස, මාධ්‍ය නිදහස, ජනතාවගේ අයිතිවාසිකම් උපරිම ලෙස සෑම කෙනෙක්ම භුක්ති විඳි සිව් වසරක් බව. එය ඔබ සෑම කෙනෙක්ම දන්නවා.

එවැනි පසුබිමක පසුගිය දින සිදු වූ මේ මහා ජාතික ඛේදවාචකය අපි කිසිසේත් බලාපොරොත්තු වූයේ නැහැ. මෙහි සත්‍ය තත්ත්වය පැහැදිලි කිරීම මගේ වගකීමක් සහ යුතුකමක් වෙනවා. කිසිවක් සැඟවීමකින් තොරව රටේ ජනතාවට ප‍්‍රකාශ කිරීම මගේ වගකීමක් මෙන්ම යුතුකමක්. මෙම ත‍්‍රස්තවාදී ව්‍යාපාරය සම්බන්ධයෙන් 2017 වසරේ සිට අපේ ආරක්ෂක අංශවලට වාර්තා වුනා. එමෙන්ම පිටරටවල ත‍්‍රස්තවාදී සංවිධාන සමග එක්වී ඔවුන් පුහුණුවීම් ලබන බවත්, යම් යම් මාර්ගෝපදේශ ලබන බවත් අපට පෙනී ගියා. අපේ ආරක්ෂක අංශ ඔවුන් පිළිබඳ තොරතුරු සොයා බලමින් ඔවුන්ගේ කි‍්‍රයාකාරකම් පිළිබඳ විමර්ශනයෙන් කටයුතු කළා.

එහෙත් ඔවුන් නීතිය හමුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඔවුන්ට විරුද්ධව නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීමට තරම් සුදුසු සාක්ෂි සහ අධිකරණයට ඉදිරිපත් කළ යුතු පැහැදිලි තොරතුරු අපේ ආරක්ෂක අංශවල තිබුණේ නැහැ. ජාතික ආරක්ෂක මණ්ඩලය රැස්වූ අවස්ථාවන්වලදී පසුගිය අවුරුදු 03ක කාලසීමාව තුළ මෙම සංවිධානයට අයත් පුද්ගලයන්ගේ නම්, ඔවුන්ගේ ගමන් බිමන්, විදේශ සංචාර පිළිබඳව අපි ඉතාමත් විමසිල්ලෙන් සිටියේ කියන එක සඳහන් කළයුතුයි.

එහෙත් ඒ තත්ත්වය තුළ අප කිසිසේත්ම බලාපොරොත්තු නොවූ අවස්ථාවක මෙම පිරිස ජාත්‍යන්තර ත‍්‍රස්ත සංවිධානයක මඟපෙන්වීම්, උපදෙස් සහ නායකත්වය ඔස්සේ අපේ රට තුළ ඇති කළ මේ මහා මිනිස් සංහාරයෙන් මේ මහා මිනිස් ඝාතනයෙන් අහිංසක, ඉතාම දුප්පත් පවුල්වල කුඩා දරුවාගේ සිට, ඉහළම ධනපති පවුල් දක්වා ඒ වගේම මේ රටට පැමිණි, විදේශිකයන්, සංචාරකයන්, රාජ්‍ය තාන්ති‍්‍රකයන්, ව්‍යාපාරිකයන් එවැනි පිරිස් ද ඝාතනයට ලක් වුණා. ඒ පිළිබඳ මා දෙවන වරටත් මුළු මහත් ජාතිය ඉදිරියේ මගේ බලවත් සංවේගය, ශෝකය ප‍්‍රකාශ කරනවා.

මෙම ඉතාමත් ශෝක ජනක වූත්, වේදනාකාරී වූත් අවස්ථාවේ දී අපේ ලක්වැසි ආදරණීය කිතුනු බැතිමතුන් ඔවුන් තුළ තිබූ ඉවසීම, විනය සහ සංයමය මා විශේෂයෙන් සිහිපත් කළයුතුයි. අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ප‍්‍රමුඛ කිතුනු ප‍්‍රජාව, ඒ වගේම කිතුනු පූජකතුමන්ලා මේ සෑම කෙනෙක්ම රට තුළ ගැටුම් ඇතිවීමට ඉඩ නොතබා, ඉතාම සාමකාමී වාතාවරණයක් තුළ ජනතාව හැසිරවීම සඳහා විශාල සංයමයකින් සහ කැපවීමකින් කටයුතු කිරීම පිළිබඳව උන්වහන්සේලා ප‍්‍රමුඛ මේ රටේ ලක්වැසි කිතුනු බැතිමතුන්, කිතුනු ප‍්‍රජාව වෙත මගේ ගෞවරනීය ප‍්‍රණාමය මා මේ අවස්ථාවේ පුද කිරීමට කැමතියි.

ඒ වගේම අපිට දැන් තිබෙන්නේ සිදු වූ දේ පිළිබඳව, විශේෂයෙන් අප ලැබූ මේ කටුක වේදනාකාරී අත්දැකීම සමග හෙට දවසේ මේ රටේ නිදහස්, සාමකාමී පරිසරයක් ගොඩනගාගෙන කටයුතු කිරීම පිළිබඳ අවතීර්ණ වීමේ කි‍්‍රයාවලිය සහ ප‍්‍රවේශයයි. එහිදී අපේ පොලීසිය, ති‍්‍රවිධ හමුදාව, ආරක්ෂක අංශ සම්පූර්ණ ප‍්‍රතිසංවිධානයකට ලක් කිරීමට ඉදිරි සතිය තුළ මා බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් ඉදිරි පැය 24 තුළ ආරක්ෂක අංශවල ප‍්‍රධානීන්ගේ වෙනසක් කිරීමටත් මා බලාපොරොත්තු වෙනවා. මෙම සිද්ධිය සිදුවූ අවස්ථාවේ සිට ඒ අපේ ති‍්‍රවිධ හමුදාව සහ පොලීසිය කටයුතු කළ ආකාරය පිළිබඳ ඒ සියලුදෙනාට මගේ ගෞරවනීය ස්තූතිය පුද කරනවා.

මෙහි දී මා ඔබට විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණයක් තිබෙනවා. එනම් එල්.ටී.ටී.ඊ ම්ලේච්ඡ ත‍්‍රස්තවාදී ව්‍යාපාරය ආරම්භ වූ කාලයේ 1980 දශකය තුළ මේ රටේ සිංහල සහ මුස්ලිම් ජනතාව රටේ දමිළ ජනතාව දෙස බැලුවේ සෑම කෙනෙක් ම ත‍්‍රස්තවාදියෙක් ලෙසයි. එහෙත් පසුකාලීනව රටේ පොදු මහජනතාවට තේරුම් ගියා සෑම දෙමළ ජාතිකයෙක් ම එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදියෙකු නොවන බව. ඒ තුළ ජාතික සමගිය හා සංහිඳියාව ගොඩනැඟීමට පුළුවන්කම ලැබුණා. ඒ නිසා විශේෂයෙන්ම මේ රටේ අද ජීවත් වන සිංහල සහ දෙමළ ජනතාවගෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ රටේ ජීවත් වන මුස්ලිම් ජනතාව කෙරෙහි සැකයෙන් බියෙන් අවිශ්වාසයෙන් බැලීම සුදුසු නොවන බව.

මුස්ලිම් සෑම පුරවැසියෙක් ම ත‍්‍රස්තවාදියෙකු නොවන බව විශේෂයෙන් ඔබ සිහියේ තබා ගත යුතු වෙනවා. ඉතාමත්ම සුළු පිරිසක් පමණයි මෙවැනි ම්ලේච්ඡ ත‍්‍රස්ත ව්‍යාපාරයකට සම්බන්ධ වී සිටින්නේ. ඒ නිසා රට තුළ සිංහල, මුස්ලිම්, දෙමළ සියලු ජනකොටස් අතර සමඟිය සංහිඳියාව ඇති කර ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. සෑම කෙනෙක් තුළම විශ්වාසය ඇති කර ගෙන ජීවත් වීම අවශ්‍ය වෙනවා.

රට සාමකාමී කිරීම උදෙසා ත‍්‍රස්තවාදීන් මර්දනය කිරීම පිණිසයි හදිසි නීති රෙගුලාසි ගැසට් කිරීමට සිදු වුණේ. ත‍්‍රස්තවාදය මර්දනය කිරීමේ රෙගුලාසි පමණක් ගැසට් කර ඇති බව ඒ පිළිබඳව පොලීසියට සහ ත‍්‍රිවිධ හමුදාවට බලය පවරා ඇති බව මා මෙහිදී ඔබට සිහිපත් කළ යුතු වෙනවා. මෙම හදිසි නීති ගැසට් නිවේදනය නිකුත් නොකළා නම් ප‍්‍රධාන වශයෙන්ම පොලිසියට දැනට තිබෙන බලතල ප‍්‍රමාණවත් නොවන අතර මේ සඳහා ක‍්‍රියාකාරිව ඇතුළත් වීමට යුද නාවික ගුවන් ත‍්‍රිවිධ හමුදාවට හැකියාවක් නොමැති වෙනවා.

ඒ තත්ත්වය සකස් කිරීම සඳහා ඒ ආයතනවලට බලය පැවරීමටයි විශේෂයෙන්ම හදිසි නීති රෙගුලාසි ත‍්‍රස්තවාදය මර්දනය කිරීමට පමණක් ගැසට් කරලා තිබෙන්නේ. කිසිසේත්ම රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නිදහස, සීමා කිරීම සඳහා කිසිම කෙනෙකුට බාධාවක් වන ආකාරයට නිදහස් ජීවිතවලට අභියෝගයක් වන විදියට මෙම රෙගුලාසි නීතිරීති පාවිච්චි නොවන බවට වූ වගකීම පෞද්ගලිකව මම භාර ගන්නවා. රටේ නිදහසේ කතා කිරීම, පෙළපාලි යෑම විරෝධතා ව්‍යාපාර මාධ්‍ය නිදහස ආදි කරුණු සම්බන්ධයෙන් මේ රෙගුලාසි කිසිම ආකාරයකට කිසියම් කෙනෙකුට ගැටලුවක් අභියෝගයක් නොවන බව මා සඳහන් කළ යුතුයි.

ඒත් එක්කම මෙහිදී මා සිහිපත් කළ යුතු වෙනවා මෙම සිදුවීම් වූ අවස්ථාවේ සිට මේ කටයුතුවලට අවතීර්ණ වූ ත‍්‍රිවිධ හමුදාවේ පොලිසියේ සහ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ගේ කාර්යක්ෂමභාවය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බුද්ධි අංශවල තිබූ දැඩි කැපවීම පිළිබඳව අප නැවත නැවතත් අගය කළ යුතු අතර, මේ සිද්ධීන්වල විමර්ශන කටයුතුවලට ගොස් දිවිපිදු පොලිස් නිලධාරීන් තිදෙනා පිළිබඳව ද මෙහිදී සිහිපත් කළ යුතුයි.

මේ වන විටත් මීට සම්බන්ධ අපරාධකරුවන්, සැකකරුවන්, වගඋත්තරකරුවන් රාශියක් අත්අඩංගුවට ගෙන බොහෝ තොරතුරු සොයාගෙන තිබෙනවා. ඒ තත්ත්වය අනුව මා විශ්වාස කරනවා නැවත මෙවැනි කනගාටුදායක, ඛේදජනක සිද්ධියක් ඇතිවීම වළක්වා ගැනීමේ හැකියාව පැහැදිලි ලෙසම තිබෙන බවට.

අපේ මිත‍්‍ර ඉතාමත් බලවත් රටවල් 07ක්, 08 ක් මේ වන විට මෙම ත‍්‍රස්ත ව්‍යාපාරය මර්දනය කිරීම සඳහා ශ‍්‍රී ලංකා රජයට පූර්ණ සහයෝගය දීමට ඉදිරිපත් වී තිබෙනවා, ඔවුන්ගේ සහයෝගය සමග ඉදිරියේ දී කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මෙම සිද්ධියට අදාළ තොරතුරු පිළිබඳව විදේශීය මිත‍්‍ර රාජ්‍යයක, රාජ්‍ය ඔත්තු සේවාවකින් ලැබුණු තොරතුරු මත රටේ ආරක්ෂක අංශ කටයුතු නොකළේ මන්ද යන කාරණාව දේශපාලන වේදිකාවේත්, මාධ්‍ය තුළත්, ජනතාව තුළත් සංවාදයට සහ ප‍්‍රශ්නාර්ථයක් බවට පත්වී තිබෙනවා.

එම රාජ්‍ය ඔත්තු සේවාවට ලැබුණු තොරතුරු එම වගකිවයුතු ප‍්‍රධාන නිලධාරින් විසින් මා වෙත ද ඉදිරිපත් නොකළ බව මා විසින් මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුයි. මෙම තොරතරු ලැබීම පිිළිබඳ මා දැනුවත් කළානම් මා ඒ පිළිබඳ වහා කි‍්‍රයාමාර්ග ගැනීමට පුළුවන්කම තිබුණා. එම වගකිවයුතු අංශ විසින් එම වගකීම් නිසි ලෙස ඉටු නොකිරීම පිළිබඳව මම ඉතාමත් දැඩි ලෙස ඔවුන්ට එරෙහිව තීන්දු තීරණ ගැනීමට ද මේ වන විට තීරණය කර තිබෙනවා.

ඊයේ සන්ධ්‍යාවේ රැස් වූ අග‍්‍රාමාත්‍යතුමා ඇතුළු අමාත්‍ය මණ්ඩලය තුළ මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. ඒ නිසයි මම පෙර ප‍්‍රකාශ කළේ ආරක්ෂක අංශවල පූර්ණ ප‍්‍රතිසංවිධානයක් ඒ වගේම රාජ්‍ය බුද්ධි අංශවල, පොලිස් හා ති‍්‍රවිධ හමුදාවේ බුද්ධි අංශවල පූර්ණ ප‍්‍රතිසංවිධානයක් කරමින් ඒවා විධිමත් කරමින් මෙවැනි ත‍්‍රස්තවාදී සිදුවීම් නැවත ඇති නොවීමට දැඩි ලෙස විධිමත් කි‍්‍රයාමාර්ගයකට අවතීර්ණ වන බව.

මේ රටේ ජනතාවට හෙට දවස බියෙන් සැකෙන් තොරව නිදහසේ සතුටින් ජීවත් වීමේ පරිසරයක් ගොඩනැඟීම සඳහා අවශ්‍ය කටයුතු මා විසින් මේ වන විටත් විධිමත්ව ක‍්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. රාජ්‍ය සේවකයා, පාසැල් දරුවා, ව්‍යාපාරිකයා, රටේ සාමාන්‍ය පුරවැසියා මේ සෑම කෙනෙකුටම නිදහස් සමාජයක, පරිසරයක නිදහස් ව සාමකාමීව කටයුතු කිරීමේ පසුබිම ස්ථිර වශයෙන් ම රජය විදියට සකස් කරන බව මා ඔබට ප‍්‍රකාශ කරන්න කැමතියි.

එමෙන් ම මා මෙහිදී විශේෂ කාරණයක් ඔබට සඳහන් කිරීමට කැමතියි. එනම් මා මුලින්ම සඳහන් කළ පරිදි අවුරුදු 27ක 28 ක කටුක ත‍්‍රස්තවාදී යුද්ධයක අත්දැකීම් පිළිබඳව කතා කරන අපි ඒවාගේම එහි ජයග‍්‍රහණ පිළිබඳව කතා කරන අපි මේ සිදුවී ඇති සිද්ධීන් සහ එම ත‍්‍රස්තවාදී ව්‍යාපාරය අතර ඇති වෙනස පැහැදිලිව තේරුම් ගැනීම ඉතාමත්ම අවශ්‍ය වෙනවා. මෙවැනි ප‍්‍රශ්නයකදී අප කතා කළ යුත්තේ හදවතින් නොව බුද්ධියෙන් බවයි මා විශ්වාස කරන්නේ.

ප‍්‍රභාකරන්ගේ එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදී සංවිධානය දේශීය වශයෙන් රට ශක්තිමත් ත‍්‍රස්තවාදී සංවිධානයක් බවට පත් වී තිබුණා. නමුත් එම සංවිධානයට එදා මුහුණ දුන් තත්ත්වයට වඩා වෙනස් ආකාරයට මේ ප‍්‍රශ්නයට අපිට මුහුණ දීමට සිදුවී තිබෙනවා. ඒ තමයි ජාත්‍යන්තර වශයෙන් ප‍්‍රබල ත‍්‍රස්තවාදී ව්‍යාපාරයක් මෙම සිදුවීම්වලට සම්බන්ධ බව දැනටමත් ප‍්‍රකාශ වී තිබීම. ඒ නිසා ජාතික වශයෙන් බිහි වූ ත‍්‍රස්තවාදී ව්‍යාපාරයක තිබූ ස්වරූපයත් මේ අප අලුතෙන් අත්දැකීම් ලබා ඇති වේදනාකාරී ප‍්‍රබල ජාත්‍යන්තර ත‍්‍රස්තවාදී ව්‍යාපාරයක කටයුතුත් අතර යම් වෙනසක් තිබෙනවා. මෙහිදී අපි ක‍්‍රියා කළ යුත්තේ ඉතාමත්ම ඉවසීමෙන් ප‍්‍රඥාවන්තව බුද්ධියෙන් යන කාරණය මා හිතන්නේ ඔබ සෑම කෙනෙක්ම විශ්වාස කරනවා.

ඒ නිසා නව තාක්ෂණය, අධිතාක්ෂණය පාවිච්චි කරමින්, ඒවගේම ආරක්ෂක අංශවල උපක‍්‍රමශීලී ක‍්‍රමවේදයන් භාවිත කරමින් ත‍්‍රස්තවාදයට විරුද්ධව තාක්ෂණය ඉහළ ලෙස භාවිත කරන රටවල උපදෙස් මගපෙන්වීම සහ සම්පත් ලබාගෙන මෙම ජාත්‍යන්තර ත‍්‍රස්තවාදයට සම්බන්ධ වූ මේ ව්‍යාපාරය මගෙත් ඔබෙත් මාතෘභූමිය තුළින් මුලිනුපුටා දැමීම සඳහා සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම සඳහා මර්දනය කිරීම සඳහා කටයුතු කරන බව මා ස්ථිර වශයෙන්ම ඔබට සහතික වෙනවා. මෙවැනි කාරණාවකදී අප සෑම කෙනෙකුගේම සමගිය ශක්තියක් වෙනවා.

දේශපාලන පක්ෂ භේදවලින් තොරව ආගමික භේදවලින් තොරව වෙනත් ජාති භේදවලින් තොරව අපි කටයුතු කිරීම අවශ්‍යය යි. ජාතිවාදය යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? ත‍්‍රස්තවාදය යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න අප පැහැදිලිව තේරුම් ගත යුතු වෙනවා. ජාතිවාදය හා ත‍්‍රස්තවාදය අතරේ වෙනස මා හිතනවා බුද්ධිමත් වූත් ඥානවන්ත වූත් උගත් ඔබ සෑම කෙනෙක්ම තේරුම් අරගෙන තිබෙනවා. ඒ නිසා අපි මේ බරපතළ ත‍්‍රස්තවාදී ව්‍යාපාරය ශ‍්‍රී ලංකාව මේ ආකාරයෙන් තෝරා ගැනීම පිළිබඳව විශේෂයෙන්ම විමසිලිමත් විය යුතු වෙනවා.

මේ රට තුළ තිබූ ඉතාමත්ම සාමකාමී වාතාවරණය බිඳ හෙළමින්, ජනතාව තුළ බිය සැකය සන්ත‍්‍රාසය ඇති කරමින් ප‍්‍රධාන වශයෙන්ම ජාත්‍යන්තර ත‍්‍රස්තවාදී ව්‍යාපාරයක් අපේ දේශීය ශ‍්‍රී ලාංකිකයින් කණ්ඩායමක් සමඟ මේ කර ඇති ම්ලේච්ඡ ප‍්‍රහාරයෙන් මේ ලැබූ අත්දැකීම අප නැවත නොලැබීමට සෑම කෙනෙක්ම වගබලා ගත යුතු වෙනවා. එකිනෙකාට ඇඟිල්ල දිගු කරමින්, එකිනෙකාට චෝදනා කරමින් කටයුතු කිරීම මේ අවස්ථාවේ නොකළ යුතු බවයි මාගේ විශ්වාසය. ඒ නිසා ඉතාම ගෞරවයෙනුත් ඉතාම කාරුණිකව ඔබ සියලුදෙනාගෙන්ම මා ඉල්ලා සිටිනවා. මා ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තුව නියෝජනය කරන මෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය නොකරන සියලුම දේශපාලන පක්ෂ නායකයින් වට මේසයකට කැඳවා මේ සම්බන්ධයෙන් ඔවුන් සමඟ සාකච්ඡා කිරීමටත් රජය ගෙන ඇති ඉදිරි ක‍්‍රියාමාර්ග ඔවුන්ට ඉදිරිපත් කිරීමටත්.

ඒවගේම බෞද්ධ, ක‍්‍රිස්තියානි, හින්දු ඉස්ලාම් මේ සෑම ආගමික නායකයින් පූජකතුමන්ලා ඒවගේම මේ රටේ විවිධ ක්ෂේත‍්‍රවල උගතුන්, බුද්ධිමතුන් සියලුදෙනාම කැඳවා ඔවුන් සෑම කෙනෙක්ම එක මේසයකට ගෙන මේ තිබෙන තත්ත්වයන් සාකච්ඡා කර සියලුදෙනාගේ අදහස් උපදෙස් ලබා ගෙන රජයේ වැඩපිළිවෙළ ඉදිරිපත් කර විශේෂයෙන්ම හෙට දවස නිදහස් සමාජයක කටයුතු කිරීමේ පසුබිම ඔබට සකස් කිරීමට මා කැපවෙන බව ප‍්‍රකාශ කළ යුතුයි. අසත්‍ය ප‍්‍රචාරවලින් වැළැකී සත්‍ය දේ පමණක් විශ්වාස කරමින් ඒවගේම කටකතා වලින් නොරැවටී මෙවැනි අවස්ථාවකදී කටයුතු කිරීම ඉතාම වැදගත්. දේශපාලන වාසි ලබා ගැනීමකින් තොරව මුළුමහත් ජාතියේ අනාගතය සඳහා ජීවත් වන මේ රටේ ජනතාව මෙන්ම හෙට උපදින දරුවන් සඳහා මේ ම්ලේච්ඡ ත‍්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට ගෙන ඇති තීරණයට ඔබ සියලුදෙනාගේම සහයෝගය ලබා දෙන ලෙස මා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

සියලු දෙනාටම ස්තූතියි.

තෙරුවන් සරණයි.! දෙවි පිහිටයි.!

Source:http://www.pmdnews.lk/si

   

Page 116 of 233